
අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.
අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
රටේ ඩිජිටල්කරණ ක‍්‍රියාවලියට දායක වීම සඳහා, සියලූ ජංගම දුරකථන ක‍්‍රියාකරුවන් හට අවම වශයෙන 3G ආවරණය සැපයීමට හැකිවන පරිදි ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කරගැනීමට මාස 6ක කාලසීමාවක් ලබා දෙනු බවද එම යෝජනාවෙහි කියැවෙයි.
අදාළ මෙම කාලසීමාව තුළ මෙය ක‍්‍ර‍්‍රියාත්මක කිරිමට අපොහොසත් වන ක‍්‍රියාකරුවන් හට දිස්ත‍්‍රික්කයකට රු.මිලියන 100 ක් බැගින් වු දඩ මුදලක් අය කරනු ලැබේ.
2018 ජුනි මස 30 වන විට සියලූ නාගරික කලාප 4 G සඳහා පරිවර්තනය කිරීම අවශ්‍ය වන බවද අයවැය යෝජනාවන්හි සඳහන්ය.
වංචා සහ සාපරාධි ක‍්‍රියා සඳහා තාවකාලිකව ජංගම දුරකථන සම්බන්ධතා භාවිතා කිරීම අධෛර්ය කිරීමේ අපේක්ෂාවෙන් සිම් කාඞ්පතක් ක‍්‍රියාත්මක කිරීමේ ගාස්තුව ලෙස රු. 200 ක් අය කිරීමටද මෙවර යෝජනා කර තිබේ.

Source : Derana News